FAST NEWS

24×7 Around the Globe

වෛරස් බලපෑමෙන් ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිලත් පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඇතුළු රටවල ඉන්ධන ඉල්ලුම පහළ යෑම ඊට හේතුවී ඇති බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු තෙල් බැරලයක අඩුම මිල ඊයේ(02) වාර්තා වී තිබේ.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද මෙරට ඉන්ධන මිල ඉහල නැංවීමේ සූදානමක් නොමැති බවයි.