FAST NEWS

24×7 Around the Globe

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙනුවර මැණිකේ දුම්රිය අද (02) සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රියදෙපාර්තමේන්තුව පවසයි.

මේ දක්වා එය දිනක් හැර දිනක් බදුල්ලට ධාවනය කෙරුණු බව එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එම දුම්රිය ප්‍රථම වරට ධාවනය එක් කළේ පසුගිය නොවැම්බර් පළමු වැනිදායි.