FAST NEWS

24×7 Around the Globe

වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දෛනිකව දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටසැළසුම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කරන අකාරයට එහිදී ඔවුනට කොරෝනා රෝග ලක්ෂණ වැළඳී ඇත්ද යන්නසම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙයි.

මේ වනවිට ඊයේ (01) දිවයිනට පැමිණි එම පිරිස දියතලාව යුද හමුදා මූලික රෝහලේ ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේරඳවා සිටියි.