FAST NEWS

24×7 Around the Globe

වුහාන්වල සිටි සිසුන් සියරටට ගෙන්වා ගත් 4 වන රට ලංකාවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ජයග්‍රහනයක් ලෙස අද (01) උදෑසන චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට මෙරට රජය සමත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ ශ්‍රි ලාංකික සිසුන් පිරිසක් කොටු වී සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කළේය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී කටයුතු කර අතර චීනයේ සියලු තානපති අංශ ද මේ සඳහා ක්‍රියාකාරී ලෙස මැදිහත් විය.

ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික සමබඳා ඔස්සේ ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ රැදී සිටින විදේශීය වැසියන් පිටත් කර එවීමට අවසරය ලබදුන් සිව්වැනි රට බවට ශ්‍රී ලංකාව පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහනයක් බව වැඩිදුරටත් සඳහන්.