FAST NEWS

24×7 Around the Globe

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (01) සාක්ෂි ලබාදීම සඳහා කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්. කමල් පෙරේරා පැමිණ තිබේ.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දීම ආරම්භ කළ ඔහු මේ වනවිටත් සාක්ෂි ලබාදෙමින් සිටින බවයි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ අංක දෙකෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ජානක මාරසිංහ ද අද කොමිසම වෙත කැඳවා තිබේ.