FAST NEWS

24×7 Around the Globe

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් භාවිත කළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන පද්ධතියේ වැඩිදියුණු කිරීමකට මෙම පියවර ගත් බවයි.