කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයේ ඇරඹේ

කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයේ ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාම අද(31) සිදු කෙරුණි.

අමාත්‍යාංශයේ නිල කටයුතු අද(31) පෙරවරු 08.30ට ගොවිජන මන්දිරයේදී ආරම්භ කර තිබේ.

ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.