FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වැලක්වීමට මෘදුකාංගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙයි.

ඊයේ සිට මෙම මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ.

මෙමගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ  විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෞඛ්‍ය, මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සදහා අද දින කැදවා තිබූ විශේෂ රැස්වීමේදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ICTA ආයතනය මෙම නව මෘදුකාංගය ‍දින දෙකක් තුළ හඳුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන ඇතුළු යනෙන ස්ථාන පිළිබද සියලු තොරතුරු ලබා ගෙන මෙම මෘදුකාංගය හරහා විමසිල්ලෙන් පසුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.