FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවෙකු ගෙළ වැළලාගෙන මිය යයි

(ෆාස්ට් නිව්ස් |සෙට්ටිකුලම) –  පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් වාර්තා වේ.

ඒ ඉපලෝගම – සෙට්ටිකුලම ප්‍රදේශයේදීය.

37 හැවිරිදි මෙම සැකකරු විවාහක පුද්ගලයෙකි.

ඔහු ඊයේ පස්වරුවේ මෙලෙස ගෙල වැලලා ගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහු ප්‍රදේශයේ සොරකම් කිරීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.