FAST NEWS

24×7 Around the Globe

අගමැති ලබන 7 වනදා ඉන්දියාව බලා පිටත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 07 වනදා සිය ඉන්දීය නිල සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතය. 

පෙබරවාරි 8 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික හමුව පැවැත්වෙනු ඇත.

වරණාසි , සාරනාත් , බුද්ධගයාව සහ තිරුපති ප්‍රදේශවල සංචාරය කිරීමටද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සූදානමින් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

සිය ඉන්දීය නිල සංචාරය නිමවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් පෙබරවාරි 11 වනදා යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.