FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසය ගෝලිය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ (31) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් නිවේදනය කරමින් ප්‍රකාශ කර සිටියේ චීනය තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පවතින රටවලට වෛරසය පැතිරයාම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනවිට රටවල් 18 කින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් වෙනත් රටක කිසිදු අයෙකු කොරෝනා වෛරසයට හේතුවෙන් මියගිය බවට වාර්තා වී නොමැත.