(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ වාර්තාවන්ට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට ලැබී ඇති බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පසුගියදා මීට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට කතානායකවරයා විසින් ඉදිරිපත් කළ අතර, මන්ත්‍රීවරුන් අනතුරුව දැනුම් දුන්නේ එහි ඊට අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක අන්තර්ගත කර නොමැති බවයි.
පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හරහා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වෙත දැනුම් දී තිබුනේ කතානායකවරයා හට සම්පූර්ණ වාර්තාව ලබා දෙන ලෙසයි.
ලබන මස 18 සහ 19 යන දෙදින තුළ මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතයි.








