FAST NEWS

24×7 Around the Globe

නි.අමාත්‍ය මුතුහෙට්ටිගමගේ නඩුව කල් යයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුවූ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමට එරෙහි නඩු විභාගය ලබන 26 වනදා දක්වා කල්තබා තිබෙනවා.

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ එය ලබන 26 වනදා දක්වා කල්තබන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගාල්ල වඳුරඹ පොදු අපේක්‍ෂක වේදිකාවට ගිනි තැබීම, වඳුරඹ පොලීසිය භාරයේ සිටි සැකකරුවන් තුන් දෙනෙකු පැහැරගෙන යාම ඇතුළු චෝදනා පහක් සම්බන්ධයෙනුයි නඩු විභාගය පැවැත්වෙන්නේ.

බද්දේගම අධිකරණ බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථාන 8කට ඇතුළු වීම ද තහනම් කරමින් නිශාන්ත මුතුහෙට්ටිගමට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණා.සිද්ධිවලට අදාළ සීසීටීවී කැමරා දර්ශනවල පැහැදිලි සාක්‍ෂි සටහන් නොවීම, දුරකථන සමාගම්වලින් ලබාගත් සංවාදවල සැකකටයුතු දේ නොමැති වීම යන කරුණු පිළිබඳ අධිකරණයේ විශේෂ සැලකිල්ල යොමුව ඇති බව සඳහන්.