FAST NEWS

24×7 Around the Globe

කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල ගොවිජන මන්දිරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (31) රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලක ස්ථාපිත කර ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.

හෙට පෙරවරු 08.30ට ගොවිජන මන්දීරයේදී අමාත්‍යාංශයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිම සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මෙන්ම අමාත්‍යාංශ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගීවිමට නියමිතයි.