FAST NEWS

24×7 Around the Globe

අකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචන පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ විසින් අභියාචනාධිකරණයෙහි අභියාචන පෙත්සමක් ගොනු කර ඇත. 

ඒ, කොළඹ මහාධිකරණය ලබා දුන් වසර 15 ක සිර දඩුවම අභියෝගයට ලක්කරමින්

තමා යටතේ සේවය කළ අඹු සැමි යුවලකගේ බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට වසර 15 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය 09 වැනිදා නියෝග කළහ.

රුපියල් 25,000 ක දඩ මුදලක් සහ වින්දිත පාර්ශ්වයට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද මහාධිකරණය එහිදී නියෝග කළේය.

කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව දෝෂ සහිත බවත් එම නිසා එම තීන්දුව ඉවත දමා තමා නිදහස් කරන ලෙසට විත්තිකරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.