FAST NEWS

24×7 Around the Globe

IDH රෝහලේ සිටි චීන ජාතිකයන් 5 ට කොරෝනා නොමැති බව තහවුරු වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව හැර ප්‍රතිකාර ලබන අනෙක් චීන ජාතිකයන් පස්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව අනාවරණ වී තිබේ.

ඒ බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණායතනය සිදුකළ පරීක්ෂණයකදියි.

ඊයේ (29) එහි වාර්තාව එම රෝහලට ලැබුණු අතර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අටදෙනෙකුද ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේදීද තවත් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත්වී ඇති බව වාර්තාවේ.