FAST NEWS

24×7 Around the Globe

දින 4 තුළ ශ්‍රී ලාංකිකයින් 661 ක් චීනයේ සිට දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෙවී ගිය දින 4 තුළ චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ ඊයේ (29) සිට අද (30) උදෑසන තෙක් චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකු ගුවන් යානා 5 කින් පැමිණි බවයි.

පසුගිය දින 4 තුළ ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු චීනයෙන් පිටත්ව ගිය බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.