FAST NEWS

24×7 Around the Globe

මේ වසරේ මත්පැන් හල් වසා තබන දිනයන් ප්‍රකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ. 

මීට අමතරව, කෙටිකාලීන දැන්වීමකින් මත්පැන් අලෙවිහල් වැසීමට රජය අදහස් කරන අවස්ථාවලදී එම නිවේදනය ජනමාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත් කරන බවත් ,එවැනි අවස්ථා වලදී මත්පැන් විකිණීම සඳහා බලපත්‍රලත් ස්ථාන වැසීමට ක්‍රියා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.