(ෆාස්ට් නිව්ස් |මුලතිව්) – මුලතිව් ප්‍රදේශවාසීන් අද (29) මුලතිව් නගරයේ වෙළඳසැල් වසා දමා මුලතිව් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක නිරතව තිබේ.
ඒ මුලතිව් ප්‍රාදේශීය රෝහලට ස්ථිර වෛද්‍යවරුන් ඉල්ලමිනි.
විරෝධතාකරුවන් පැවසූවේ මුලතිව් ප්‍රාදේශීය රෝහල වෙත ස්ථිර වෛද්‍යවරුන් නොමැතිකමින් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බවයි.
රට තුළ කොරොනා වෛරස් රෝගී තත්ත්වයක් හටගෙන ඇති තත්ත්වයක හදිසි අවස්ථාවක් වෙනුවෙන් රෝහලට ස්ථිර වෛද්‍යවරුන් පත් කරන ලෙසටයි ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරයි.








