FAST NEWS

24×7 Around the Globe

මහමැතිවරණයේදී සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදෙන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහමැතිවරණයේදී සිරකරුවන් හට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය වෙත ලිපයක් යොමු කර තිබේ.

මෙම ලිපිය කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශගේ අත්සනින් යොමු කර තිබෙන බව සඳහන්.

එය මානව අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් සිරගතවීම පදනම් කර ගනිමින් කිසිදු අයුරකින් පුරවැසියකුගේ ඡන්ද අයිතිය අහෝසි කළ නොහැකි බවත් එම ලිපියේ දැක්වේ.