FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට අදාලව යුරෝපා සංගම් අවසන් වාර්තාව මැතිවරණ කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමය සකස් කල අවසන් නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට භාර දී තිබේ.

ඒ යුරෝපා සංගම් නියෝජිතයන් සහ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර ඊයේ (28) පැවැත්වූ සාකච්ඡාවේදී.

නිර්දේශ 23 ක් ඇතුළත් සිය වාර්තාව කොමිෂන් සභාවේ සභාපතිවරයාට භාරදීමටයි යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් එහිදී කටයුතු කර තිබුණු අතර ඉදිරි මැතිවරණයේදී අඩුපාඩු වළක්වා ගැනීම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කල බව සඳහන්.