FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 387 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඊයේ (28) අත්අඩංගුවට ගත් 41 හැවිරිදි මෙම කාන්තාව අද (29) අලුත්කඬේ අංක – 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.