FAST NEWS

24×7 Around the Globe

වෛරසය පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නයට චීනයට පැසසුම්

(ෆාස්ට් නිව්ස් | චීනය) –  මාරාන්තික කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ. 

එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබදව පූර්ණ විශ්වාසයක් පවතින බවයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත සෑන් ජුන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන අතර , වෛරසය රට පුරා පැතිරීම වැළැක්වීමට හා පාලනයට ජනතාවගේ අවශ්‍යතාවන්ට මූල්තැන දෙමින් චීන රජය වේගවත් හා ශක්තිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව චීනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත සෑන් ජුන් එහිදී අවධාරණය කර තිබේ.

පවතින තත්ත්වය ජය ගැනීමට චීනයට ඕනෑම සහයෝගයක් සහ ආධාරයක් ලබාදීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අදාළ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.