FAST NEWS

24×7 Around the Globe

හලාවත – කොළඹ මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය, පම්බල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (28) අලුයම 5.30ට පමණ වේ.

මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇත්තේ 64 හැවිරිදි වියේ පසුවූ මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි මාළු වෙළදාමේ නිරත පුද්ගලයෙකි.

හලාවත මාළු වෙළඳපොළෙන් මාළු රැගෙන ඒම සඳහා අද අලුයම නිවසින් පිටව ගොස් ඇති අවස්ථාවේදී වන අතර අනතුර සිදු කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මාදම්පේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.