කොටදෙණියාව – සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා ලබන මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, මිනුවන්ගොඩ මහේස්ත්රාත් ඞී.ඒ. රුවන්පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මෙම සැකකරුවන් දෙදෙනාගේ ඩී එන් ඒ වාර්තා අධිකරණයට මෙතෙක් ලැබී නොමැති බවද අනාවරන වී තිබෙනවා. සේයා දැරියගේ ඝාතනයේ ප්රධාන සැකකරු වන දුනේෂ් ප්රියෂාන්ත හෙවත් කොණ්ඩයා ලබන මස 5 වනදා දක්වායි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.
මෙම දැරිය පැහැරගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඝාතනය කර තිබියදී සොයාගත්තේ පසුගිය 12 වනදායි. ඒ, ඇය පදිංචි නිවස ආසන්නයේ පිහිටි ඇළ ඉවුරක තිබියදියි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව පසුගිය 16 වනදා මෙම 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා පොලීසිය අත්අඩංගුවට ගත්තා.







