FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රියගේ නම ගැසට් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය තෝරා පත් කර ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස එම පක්‍ෂය විසින් සමන් රත්නප්‍රිය පත් කරන ලදී.