FAST NEWS

24×7 Around the Globe

කරන්නාගොඩට සහ දසනායකට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පීදසනායක යන මහත්වරුන්ට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙසට, දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයා වෙත නියම කර තිබේ. 

දේශපාලන බලපෑම් මත අධිකරණය ඉදිරියේ පවතින නඩුවක තමන් චූදිතයන්වී ඇති බවට අදාල පුද්ගලයින් දෙදෙනා ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති කොමිසම පැවසුවේය.