FAST NEWS

24×7 Around the Globe

සැක සහිත මගීන් රැගෙන යාමට ගුවන් තොටුපොළේ ගිලන් රථ සූදානමින්

(ෆාස්ට් නිව්ස් | කටුනායක) – කොරෝනා වෛරසයට සමානකම් ඇති බවට සැකකෙරෙන ගුවන් මගීන් අයි.ඩී.එච්. උණ රෝහල වෙත වහාම රැගෙන යාමට කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ ගිලන් රථ සූදානම් කර ඇති බව එහි කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේය. 

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරින්, ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් එක්ව කටයුතු සිදුකරමින් පවතියි.