FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වූ බවට සැක 10 ක් සොයාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ විදේශිකයින් සත් දෙනෙකු ඇතුළු දස දෙනෙකු මේ දක්වා ඇතුළත් කර ඇත. 

මෙම පිරස අතරට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

සැක සහිත රෝගීන් සිව් දෙනෙකුගේ සාම්පල මීට දින දෙකකට පෙර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ අතර, එහි අවසන් වාර්තාවන්ට අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය.

මේ අතර , චීනයේ සිට පැමිණෙන මගීන් වෙනම දොරටුවකින් ඇතුලු කරගැනීමට ගුවන් තොටුපල බලධාරින් පියවර ගෙන ඇත.