FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාගේ සොහොයුරාත් පොලිස් අත්අඩංගුවට පත් වෙයි.

ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකු වූ වෙලේ සුදාගේ සොහොයුරෙකු දෙහිවල, කවුඩාන පාරේදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන ගම්පල විදානේලාගේ අශෝක කුමාර නමැති පුද්ගලයෙකි. මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 100 ක් සොයාගැනීමට හැකි වූ බවද පොලීසිය සඳහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (27දා) දහවල් කළ විශේෂ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, සැකකරු මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදී ඇත්ද යන්න විමර්ශනය කරන බවත් පොලීසිය පවසයි.

සිද්ධියට අදාළව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරු රඳවා තබාගැනීමේ රැඳවුම් නියෝග ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.