FAST NEWS

24×7 Around the Globe

ගුවන් තොටුපලට නව වීසා කවුලු 2 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකිකයින් සඳහා දිවයිනට පැමිණීමේදී හා පිටව යාමේදි ගුවන් තොටුපල තුළ වෙනම වීසා කවුලූ දෙකක් විවෘත කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි කියා සිටියේ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් තොටුපලේ සිදුකළ හදිසි සංචාරයේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගත් බවයි.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපලට අමතර පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.