FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල පරීක්‍ෂාවට සුදානම්

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව) – දැනට අත්අඩංගුවේ පසුවන ඉන්දියාවේ කොයිම්බතූර් හි IS සාමාජික මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල ලබා ගැනීමට කටයුතු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය මේ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් අනුව ලබා ගත් අවසරයක් මත මෙලෙස හඬ සාම්පල ලබා ගැනීම සිදුකරනු ලබයි.

එම හඬ සාම්පල හරහා මොහොමඞ් අසරුදීන්,තමිල්නාඩුවේ සහ කේරළයේ තරුණයන් අතර අන්තවාදී අදහස් හා මතවාද ප්‍රචාරය කර ඇද්දැයි තහවුරු කර ගත හැකි බව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය පවසයි.