FAST NEWS

24×7 Around the Globe

හුංගම අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

(ෆාස්ට් නිව්ස් |හුංගම) –  හුංගම, බටඅත ප්‍රදේශයේදී බස්රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් සිව්දෙනෙකු මිය ගිය අතර , තුවාල ලැබූ 20 දෙනෙක් තංගල්ල මූලික රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය ප්‍රකාශ කරයි. 

ටිපර් රථයේ රියදුරු,බස් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු , කාන්තාවන් 07 දෙනෙකු හා ළමුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය.

අනතුරින් මියගිය අයගේ මෘතදේහ තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර තිබේ.

හුංගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.