FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන්තොටේ අනතුරකින් පුද්ගලයින් හයකට තුවාල.

 මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා ට්‍රැක්ටරයකින් සිමෙන්ති ගෙන යමින් සිටි පුද්ගලික ආයතනයක සේවකයින් හය දෙනෙකු එම ට්‍රැක්ටරය පෙරළීමෙන් තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර තිබේ.

අද (23) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති අතර හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි. ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ .