FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියකින් වෙඩි වැදී හිමි නමක් අපවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ හිමිනමක් අපවත්වී තිබේ.

හුංගම ප්‍රදේශයේ දෙපිසක් අතර ඇතිවූ පොර බැදීමකදී මෙලෙස පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත.

මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට එය නතර කරන ලෙස සංඥා කළද ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති බව පොලිසිය පවසයි.

පසුව පොලිස් නිලධාරීන් ඔහු ලුහුබැඳ ගොස් අදාළ පුද්ගලයා සමඟ පොරබැදීමක් සිදු කර ඇත.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඒ අසළින් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි හිමි නමට හිමිනමට වෙඩි වැදී තිබේ.

තුවාල ලැබූ 21 හැවිරිදි හිමිනම රෝහල් ගතකරන විටත් අපවත්වී සිටි බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.