FAST NEWS

24×7 Around the Globe

චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු අඟවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ චීනයේ පැතිර යන හදුනානොගත් වෛරස් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කෙරු දැනුම් දීම් පිළීබඳ අවධානයෙන් සිටින ලෙස බව පවසමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් චීනයේ වුහෑන් ප්‍රදේශයේ පැතිර යන වයිරස් රෝගී තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇති බව සදහන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම වෛරසය, චීනයේ සහ හොංකොං හි පසුගිය කාල වකවානුවේදී පැතිර ගිය “සාර්ස්” රෝගී තත්ත්වයට සමාන රෝග තත්ත්වයක් වන බවයි.

මේ හේතුවෙන් චීනයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වතවත් 41 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ චීනයේ සංචාරය කිරීමේදී පොදු ස්ථානවල ගැවසෙන්නේ නම් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙසයි.

චීනයේ සංචාරක තහනමක් පනවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රජයට දැනුම් දී නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.