FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක් අද (18) කොළඹ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී විනය විරෝධි ලෙස පක්ෂ මතය ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක් වූ ඩිලාන් පෙරේරා, එස්. බී. දිසානායක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ට එරෙහි පරීක්ෂණය මේ වන විට පැවැත්වේ.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂය සමග එක් වූ විජිත් විජයමුණි සොයිසා මහතා සම්බන්ධ විනය පරීක්ෂණ ද අද පැවැත්වෙනු ඇත.