FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී සිටීම සඳහායි.

සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.