FAST NEWS

24×7 Around the Globe

එළඹෙන මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් ලබා දීමට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදීයි මෙම තීරණය ගත බව එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.