FAST NEWS

24×7 Around the Globe

නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසර සදහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැදවීම අද (17) ආරම්භ වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඊට අදාල දැන්වීම් ජාතික පුවත්පත්වල පළ කරන බවත් අද සිට ලබන 16 වනදා දක්වා අදාල අයදුම්පත් යොමු කළ හැකි බවත් එම කොමිසම නිවේදනය කළේය.