FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්න අද අධිකරණය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත අද (17) සලකා බැලීමට නියමිතය.  

ඇප මත මුදා හැර සිටින මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගනු ලැබුවේ සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළවයි.