FAST NEWS

24×7 Around the Globe

මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පුරප්පාඩු වු බද්දේගම මහේස්ත්‍රාත් ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පත් කර තිබේ.

එමෙන්ම මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.