FAST NEWS

24×7 Around the Globe

මෙරට ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක් ඉදිරියේදී සිදුවිය හැකි බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබේ.

ඒ අනුව ඉන්දීය අගමැති කාර්යාලයේ සම ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගෝපාල් බග්ලි දැනට මහකොමසාරිස් ධුරය දරන තරංජිත් සිං සන්දු වෙනුවට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තරංජිත් සිං සන්දු ඇමරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට පෙර ගෝපාල් බග්ලි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර තිබේ.