FAST NEWS

24×7 Around the Globe

බුදුපිළිමයක් වසර 100කට පසු යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයට වසර 100 කට පමණ ඉහතදී රැගෙන ගිය ඉපැරණි බුදු පිළිමයක් යළිත් ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

19 වන සියවසේදී මෙරට පළමු පුරා විද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කල එච් සී පී බෙල් විසින් මෙම බුදු පිළිමය බ්‍රිතාන්‍යය වෙත රැගෙන ගොස් ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එය ශ්‍රී දළදා මාලිගාවට උන්වහන්සේ වැඩම කරවනු ලැබීය.