FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ හඩපට විශ්ලේශණයට පොලිස් කණ්ඩායම් 10 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රන්ජන් රාමනායක මහතාගේ නිවසින් හමූවූ දුරකථන සංවාද ඇතුලත් හඩපට විශ්ලේශණය කිරීමට සහකාර පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇත. 

මෙම පොලිස් කණ්ඩායම් පත්කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුවයි.

ඒ අනුව , පොලිස් කණ්ඩායම් සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු , පොලිස් පරික්ෂකවරයෙකු හෝ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ඇතුලු හතරදෙනා බැගින් පත් කර ඇත.

රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ බව කියන දුරකථන සංවාද ඇතුලත් හඩපට මේ වන විට රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති අතර ඒවායේ පිටපත් පොලිස් මූලස්ථානය වෙත ලැබීමෙන් අනතුරුව පොලිස් කන්ඩායම් විසින් විශ්ලේශණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.