FAST NEWS

24×7 Around the Globe

ගුවන් අනතුර ගැන විමසීමට පාර්ශව 20 ක් කැඳවීමට යයි

(ෆාස්ට් නිව්ස් | හපුතලය) –  හපුතලේ ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරට අදාළව පාර්ශව විස්සකට කැඳවීමේ නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලීසිය ප්‍රකාශ කරයි. 

සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද (16) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම නියෝගය ලබාගැනීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ ගුවන් යානයේ නියමුවා ඇතුලු එහි ගමන් කළ පිරිස ගුවන් ගතවීමට පෙර ලබාගත් ආහාරයක් අසාත්මික වී මෙම අනතුර සිදුවූයේදැයි විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.