FAST NEWS

24×7 Around the Globe

බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීමට සහන කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙබරවාරි මස 05 වන දින සිට 12 වන දින දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මක වේ.

ආරක්ෂක අමාත්‍යංශය කියා සිටියේ මෙම කාලය තුළ අනවසර ගිනි අවි ළඟ තබා ගෙන සිටින පුද්ගලයින් ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු බවයි.

දිවයින පුරා සාමකාමී නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීම සඳහා මෙම ගිනි අවි තර්ජනයක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.