FAST NEWS

24×7 Around the Globe

ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් දින 18කට පසු අද අලූයම පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද (14) දහවල් 12 ට පමණයි.