FAST NEWS

24×7 Around the Globe

අගමැති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයට පත්වීමෙන් පසු ඔහු නිරතවන පළමු නිල විදෙස් සංචාරය මෙයවීම විශේෂත්වයක්.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉහළ පෙලේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමටද මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටින බවයි.

එනමුත් මෙම සංචාරය සඳහා දින වකවානු හෝ සහභාගීවන නිළධාරීන් පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.