FAST NEWS

24×7 Around the Globe

පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කිරිඳවැල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ බව පොලිසිය පවසයි.

බස්නාහිර, උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගනු ලැබීය.

සැකකරු කිරිඳිවැල, මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු හංවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබේ.

සැකකරු මීට පෙර ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වී ඇති අතර, කිරිඳිවැල, වරකාපොළ, කෑගල්ල, ගනේමුල්ල, අලව්ව යන පොලිස් ස්ථානවල විභාග වන අපරාධ නඩු රැසකට සම්බන්ධ බව පොලීසිය සඳහන් කරයි.